Friday, March 29, 2024

General line - 0115112241

ලොස් ඇන්ජලිස් නුවර ලැව් ගින්න තවත් පැතිර යන ලකුණු




අමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවරට බලපා ඇති ලැව් ගින්න තවදුරටත් පැතිර යමින් ඇති බව වාර්තා වනවා.

ගින්න මැඩලීම සදහා අමෙරිකානු ගිනි නිවන හමුදාව ඇතුළු සහන කණ්ඩායම් රැසක් විශාල උත්සහයක නිරත වූවත් අසීරුතා රැසකට මුහුණපා ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.  

අමෙරිකානු ඉතිහාසයේ දරුණුතම ලැව් ගින්න  ලෙස මෙය වාර්තා වූණේ පසුගිය සිකුරාදා සිටයි.

හේතුවෙන්  ලොස් ඇන්ජලිස් නුවර ජනයාද ආරක්ෂක ස්ථාන කරා ඉවත් කරගෙන තිබෙනවා.

දැඩි උණුසුමත් සමඟ  පසුගිය සිකුරාදා ආරම්භ වූ  මෙම ලැව් ගින්නෙන් ලොස් ඇන්ජලිස් උතුරු ප්‍රදේශයේ අක්කර 5000ක් පමණ මේ වන විට විනාශ වී ඇති බව සඳහන්.