Thursday, March 28, 2024

General line - 0115112241

ඉන්දියාවට නව ආරක්ෂක අමාත්‍යවරියක්




ඉන්දීය අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් අද සිදුකර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද ප්‍රකාශයට පත් කළ බවයි එරට වාර්තා පවසන්නේ.

ඒ අනුව නව අමාත්‍යවරුන් 9 දෙනෙකු පත් කර ඇති අතර, ඔවුන් සියලූ දෙනාම අග්‍රාමාත්‍ය මෝදිගේ භාරතීය ජනතා පක්ෂයේ දේශපාලනඥයන්වීම විශේෂත්වයක් වනවා.

ආරක්ෂක අමාත්‍ය ධුරයට නිර්මලා සීතාරාමන් පත්කර ඇති අතර, ඇය ඉන්දිරා ගාන්ධිගෙන් පසුව ඉන්දියාවේ පත්වූ ප්‍රථම ආරක්ෂක අමාත්‍යවරියයි.

කෙසේ නමුත් ඇය එම තනතුරේ වැඩ භාරගනු ඇත්තේ දැනට ආරක්ෂක අමාත්‍ය ධුරය හොබවන අරුන් ජෙයිට්ලි ජපානයේ පැවැත්වෙන ආරක්ෂක අමාත්‍ය සමුළුවට සහභාගිවී පැමිණීමෙන් අනතුරුවයි.

අද සංශෝධනයත් සමග මෝදි රජයේ අමාත්‍ය මණ්ඩලය 73 සිට 76 දක්වා ඉහළ යන අතර එය 81 දක්වා ඉහළ නැංවීමට ඉඩකඩ ඇති බවයි ඉන්දීය වාර්තා පවසා ඇත්තේ.