Wednesday, April 24, 2024

General line - 0115112241

ගැරී ආනන්ද සංගරී ITAK නායකයින් සමග සාකච්ජාවක




ද්‍රඩිඩ එක්සත් පෙරමුණ පක්ෂ නායක ආනන්ද සංගරී මහතාගේ පුත්, කැනඩා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගැරි ආනන්ද සංගරී මහතා හා ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායකයින් අතර සාකච්ජාවක් යාපනයේ පිහිටි ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ කාර්යාලයේදි ඊයේ(19) පැවැත්වුණා.

දිවයිනට පැමිණ සිටින ගැරී ආනන්ද සංගරී මහතා දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතා සමගද විශේෂ සාකච්ජාවක් පැවැත්වු බවයි දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් පැවසුවේ.

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා, උතුරු පළාත් සභා සභාපති සි.වි.කේ.ශිවඥානම් මහතා ඇතුළු ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ සාමාජිකයින් පිරිසක් සාකච්ඡාව වෙනුවෙන් සහභාගි වි සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

උතුරු පළාතේ සංවර්ධන කටයුතු හා යුද්ධයෙන් නැවත පදිංචි ජනතාවගේ ජිවන තත්ත්වය, යාපනය ප‍්‍රදේශයේ නැවත පදිංචි කිරීම් කටයුතු සම්බන්ධයෙන් එහිදි සාකච්ඡා කර තිබෙන බවයි පැවසෙන්නේ.

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නියෝජිතයින් පැවසූවේ ගැරි ආනන්ද සංගරී මහතා උතුරු පළාතේ තත්ත්වය සම්බන්ධයෙන් කැනඩා නියෝජිතයින් සමග සාකච්ඡා කිරීමට කටයුතු කරන බවටද පොරොන්දු වු බවයි.

ITAK 01 ITAK 02 ITAK 03 ITAK 04 ITAK 05