Wednesday, April 24, 2024

General line - 0115112241

උතුරු කොරියාවට එරෙහිව දැවැන්ත හමුදා මැදිහත්වීමකට අමෙරිකාව සැරසෙයි




උතුරු කොරියාවට එරෙහිව දැවැන්ත හමුදා මැදිහත්වීමකට අමෙරිකාව සූදානම් වනවා.

පෙන්ටගනයේ ප‍්‍රධානී ජේම්ස් මෑටිස් පවසන්නේ තම රටට හෝ මිත‍්‍ර රටවලට කිසියම් තර්ජනයක් එල්ල කරන්නේ නම්, උතුරු කොරියාවට එම ප‍්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවනු ඇති බවයි.

ඔහු මේ බව ප‍්‍රකාශ කළේ ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ ප‍්‍රධානත්වයෙන් පැවති ජාතික ආරක්ෂක රැස්වීමෙන් අනතුරුව වීමද විශේෂත්වයක්. 

දිගුදුර මිසයිලයක ගබඩා කළ හැකි හයිඩි‍්‍රජන් බෝම්බයක් සාර්ථකව අත්හදා බැලූ බව උතුරු කොරියාව ඊයේ (03) තහවුරු කළා.

ඒ සමගම අමෙරිකාව, චීනය, රුසියාව ප‍්‍රමුඛ රටවල් රැසක් ඊට දැක්වූයේ දැඩි විරෝධයක්. 

මෙම න්‍යෂ්ටික අත්හදා බැලීමෙන් පසුව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ විශේෂ රැස්වීමක් ද අද (04) පැවැත්වෙනවා.