Friday, April 19, 2024

General line - 0115112241

බදගිරි ගොවින්ට මහකන්නයෙත් වගාවන් අහිමි වන ලකුණු

හම්බන්තොට සනත් ගමගේ




හම්බන්තොට බදගිරිය ජලාශයේ වේල්ලේ ප්‍රතිසංස්කරන කටයුතු ප්‍රමාදවිමෙන් මෙවර මහකන්නයත් වගා කිරීමට ගොවින්ට හැකියාවක් නොවනු ඇතැයි බදගිරිය ගොවින් පවසනවා.

වාරිමාර්ග දෙපාර්තුමේන්තුවේ වේලිආරක්ෂණ හා ජලසම්පත් සැලසුම් ව්‍යාපෘතිය මගින් රුපියල් මිලියන 68 වියදමින් බදගිරිය ජලාශයේ වේල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම හේතුවෙන්  පසුගිය යල් කන්නයේ වගා කටයුතු කිරීම නතර කරතිබූ බව ගොවින් කියා සිටියා.

මෙවර මහ කන්නයට පෙර වේල්ලේ වැඩ අවසන් කිරීමට සැලසුම් කර තිබුනද දිනෙන් දින කොන්ත්‍රාත් කරුගේ ප්‍රමාදයන් හා දුර්වලතා හේතුවෙන් වේල‍්ලේ වැඩ නිමක් නොවන බවක් පෙනෙන්නට තිබිමෙන් බදගිරිය ජලාශයෙන් පෝෂණය වන වගා හිමි ‍ගොවින් හා මිරිදිය ධීවර කාර්මිකයින්ද ප්‍රදේශයේ සෙසු ජනතාවද නොසන්සුන්තාවයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.