Thursday, April 25, 2024

General line - 0115112241

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ රිමාන්ඞ්




යාපනයේ ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ අද (04) යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. 

ඒ, යාපනය කයිට්ස් මහේස්ත‍්‍රාත් ඒ.එම්.එම් රියාල්ගේ නියෝගයකට අනුවයි.

සැකකාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැණුනේ විද්‍යා දැරිය ඝාතනයට සම්බන්ධ ප‍්‍රධාන සැකකරුට පළා යාම සඳහා අනුබල ලබාදුන් බවට වන චෝදනාව යටතේයි.