Saturday, April 20, 2024

General line - 0115112241

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන රිමාන්ඞ් (UPDATE)




රජයේ දේපල සාපරාධි සාවද්‍ය පරිහරණය කීරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අද නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවා.

-------------------------------------

සරණ ගුණවර්ධන අත්අඩංගුවට (04-09-2017 14:30)

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන කොළඹ අපරාධ කොට්ඨාශසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, සංවර්ධන ලොතරැයි මණ්ඩලය නමින් ආනයනය කළ රුපියල් අසූ ලක්ෂ 95,000 ක් වටිනා කැබ් රථයක් සාපරාධි සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවටයි. 

ඔහු අද (04) දිනයේ ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාශයේ උසස් නිලධාරියෙකු සඳහන් කළා.