Friday, March 29, 2024

General line - 0115112241

බිනර පුන් පසලොස්වක පොහොය අදයි




මෙහෙණි සසුන ආරම්භ වූ බිනර පුන් පසලොස්වක පොහොය අදයි. 

නෙත් එෆ් එම් රේඩියෝවේ බිනර පුර පොහෝදා ස්වේත පූජා වැඩසටහන මාතර නාවිමන ගිරි කන්දාරාරාම පුරාණ රජ මහා විහාරස්ථානයේ සිට අද (05) දවස පුරා ක්‍රියාත්මකයි. 

උදෑසන 06.00 ට ආරම්භ වන මෙම වැඩසටහනට ධර්ම සාකච්ඡා ඇතුළු පිංකම් රැසක් ඇතුළත්. 

මාතර නාවිමන කන්දාරාරාම පුරාණ රජමහා  විහාරස්ථානයේ සිට ගෙන එන ස්වේත පූජා වැඩසටහන නෙත් එෆ් රේඩියෝව ඔස්සේ සජීවිව විකාශය කිරීමට ද කටයුතු යොදා තිබෙනවා.