Wednesday, April 24, 2024

General line - 0115112241

ඊයේ රැ වෙඩි වැදුණු නිවසේ සිටි සාක්ෂිකරු හිටපු අධිකරණ ඇමතිට ඇඟිල්ල දිගු කරයි (VIDEO)(UPDATE)




හිටපු අධිකරණ අමාත්‍යවරයාගේ ධූර කාලය තුල වැලිකඩ ඝාතන සිද්ධිය පිළිබද පරික්ෂණ නිවැරදිව සිදු නොවු බව වැලිකඩ බන්ධනාගාර රැඳවියන් 27 ක් ඝාතනය කළ බව කියන සිදුවීමේ ප්‍ර‍ධාන සාක්ෂිකරු වන සුදේශ් නන්දිමාල් පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කැෆේ සංවිධානය මගින් සංවිධානය කර තිබු මාධ්‍ය හමුවට එක්වෙමින්.

ඒ පිළිබඳ වීඩියෝ දර්ශන පහලින් නරඹන්න.

 

------------------------------

වැලිකඩ සාක්ෂිකරුගේ නිවසට වෙඩි තැබීමේ සිදුවීමේ තොරතුරු මෙන්න  (PHOTOS)(UPDATE)(05-09-2017 13:00)

වැලිකඩ බන්ධනාගාර රැඳවියන් 27 ක් ඝාතනය  කළ බව කියන සිදුවීමේ ප්‍ර‍ධාන සාක්ෂිකරු  වන සුදේශ් නන්දිමාල් ගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ කරුණු දක්වන මාධ්‍ය හමුවක් අද (05) කොළඹ දී පැවැත්වුණා.

මෙම මාධ්‍ය හමුව කැෆේ සංවිධානය මගින් සංවිධානය කර තිබු අතර වැලිකඩ බන්ධනාගාර රැඳවියන් 27 ක් ඝාතනය  කළ බව කියන සිදුවීමේ ප්‍ර‍ධාන සාක්ෂිකරු  වන සුදේශ් නන්දිමාල්,  බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ සභාපති නීතිඥ සේනක පෙරේරා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

කෙසේ වෙතත් නිවේදනයක් නිකුත් කරමින් කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන්  කියා සිටියේ වැලිකඩ අපරාධය වසන් කිරීම සඳහා පසුගිය රජය මෙන්ම වත්මන් රජය ද සියලු උත්සහ දරන බව නැවත නැවතත් තහවුරු වී ඇති බවයි.

-----------------------------

වැලිකඩ ඝාතනයේ ප්‍ර‍ධාන සාක්ෂිකරුගේ නිවසට වෙඩි (05-09-2017 10:05)

වැලිකඩ බන්ධනාගාරයේ රැවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍ර‍ධානම සාක්ෂිකරු වන නන්දිමාල්ගේ මොරටුව පිහිටි නිවසට වෙඩි තැබීමක් සිදුව ඇති බව කැෆේ සංවිධානය පවසනවා.

 

අදාළ වෙඩි තැබීම ඊයේ රාත්‍රී 11 ට පමණ සිදුව ඇති බවයි වාර්තා වන අතර ගේට්ටුවේ වෙඩි පහර සලකුණු දැකිය හැකි බවයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් කියා සිටියේ.

 

වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ නන්දිමාල් නැමැත්තා නිවසේ නිදා සිටි බවද සහන්.

 

කෙසේ වෙතත් කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ අපරාධය වසන් කිරීම සහා පසුගිය රජය මෙන්ම වත්මන් රජය ද සියලු උත්සහ දරන බවයි.

<