Friday, April 19, 2024

General line - 0115112241

අවශ්‍ය නම් මැදිහත්කරුවෙක් වන්නට ස්වීසලන්තය සූදානම්




අමෙරිකාව හා උතුරු කොරියාව අතර පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ තමන් මැදිහත්කරුවෙකු වශයෙන් කටයුතු කිරිමට අපේක්ෂා කරන බව ස්වීසර්ලන්ත ජනාධිපතිනිය පවසනවා.

ස්වීසර්ලන්ත ජනාධිපතිනිය හදිසි මාධ්‍ය හමුවක් කැඳවා මේ පිළිබඳව දැනුම් දී ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

උතුරු කොරියාවට එරෙහිව ආර්ථික සම්බාධක පැනවීමෙන් ඔවුන් න්‍යාෂ්ඨික අත්හදා බැලීම් අත්නොහරිනු ඇති බවයි ස්වීසර්ලන්ත ජනාධිපතිනිය පෙන්වා දෙන්නේ.

එම නිසා සාම සාකච්ඡා මගින් අදාළ ගැටළුව විසඳාගත හැකි බව කියා සිටි ස්වීසර්ලන්ත ජනාධිපතිනිය ඒ සඳහා තමන් මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කිරිමට කැමත්ත ප්‍රකාශ කර තිබෙනවා.

අමෙරිකාව හා චීනය වැනි බලවත් රටවල නායකයින් අවධානයෙන් හා ඉවසීමෙන් කටයුතු කළ යුතු බව පෙන්වා දෙන ස්වීසර්ලන්ත ජනාධිපතිනිය එසේ නොවන්නේ නම් සියළු පාර්ශවයන් හට අර්බුද රැසකට මුහුණ දීමට සිදුවනු ඇති බවයි අවධාරණය කර තිබෙන්නේ.

උතුරු කොරියානු හා දකුණු කොරියානු අර්බුද හමුවේ දෙරට දේශසීමාවේ සිට මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරන්නේ ද ස්වීසර්ලන්තයයි.

එම දේශසීමාවේ දැනටමත් ස්වීසර්ලන්ත හමුදාව ස්ථාන ගත කර ඇති බවත් ස්වීසර්ලන්ත ජනාධිපතිනිය පැවසුවා.

මෙම අර්බුදකාරී වාතාවරණය හමුවේ අමෙරිකාව හා උතුරු කොරියාව සාමය අපේක්ෂා කරන්නේ නම් තමන් දෙරට විෂයභාර  අමාත්‍යවරුන් සමග සාකච්ඡා කිරිමට සූදානම් බවයි ස්වීසර්ලන්ත ජනාධිපතිනිය වැඩිදුරටත් කියා සිටියේ.