Thursday, March 28, 2024

General line - 0115112241

හුංගම ලුනම වෑන් රථයක් අනතුරේ - ළමුන් දෙදෙනෙකු ඇතුළු පහකට තුවාලයි (PHOTOS)

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි/සනත් ගමගේ - හම්බන්තොට




අද (05) දහවල් වෑන් රථයක් විදුලි කනුවක ගැටීමෙන් හුංගම ලුනම ප්‍රදේශයේදී  සිදුවූ අනතුරකින් වෑන් රථයේ ගමන්ගත් පස්දෙනෙකු තුවාල ලබා රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ බද්දේගම ප්‍රදේශයේ සිට ඇඹිලිපිටිය දක්වා කුඩා ළමුන් ඇතුළු   13 දෙනෙකු  ගමන්ගත් වෑන් රථයක් වන අතර අනතුරට හේතුව මෙතෙක් අනාවරණ වී නොමතිබවයි හුංගම පොලිසියේ රථවාහන අංශය කියා සිටියේ .

අනතුරින් පසු වෑන් රථය පෙරලි ගොස් තිබු අතර එහිදී කුඩා ළමුන් දෙදෙනෙකු හා වැඩිහිටි පිරිමි දෙදෙනෙකු සහ එක කාන්තවක් මෙසේ තුවාල ලබා අම්බලන්තොට රෝහලට ඇතුලත් කර තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් හුංගම පොලිසියේ රථවාහන අංශය පරීක්ෂණ පවත්වනු ලබනවා.