Friday, April 19, 2024

General line - 0115112241

මියන්මාර අර්බුදයෙන් බංග්ලාදේශය අමාරුවේ වැටෙයි




ගතවූ පැය විසිහතරක කාලය තුළ මියන්මාරයේ සිට පුද්ගලයින් තිස්පන්දහසකට අධික පිරිසක් බංග්ලාදේශයට පැමිණ තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසුවේ ඔවුන් සියලු දෙනා මියන්මාරයේ රෝහින්ග්‍යා සුළුතර ජන කොටසට අයත් බවයි.

මියන්මාරය තුළ රෝහින්ග්‍ය ජන ප‍්‍රජාව ඉලක්ක කර ගෙන සිදුවන විවිධ පීඩාවන් සහ ඔවුන් ඉලක්ක කර එල්ල වන ප‍්‍රහාර මෙම තත්ත්වයට හේතුව බවයි පැවසෙන්නේ.

පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ඉකුත් අගෝස්තු 25 වැනිදා සිට මේ දක්වා රෝහින්ග්‍යා ජන කොටසට අයත් පුද්ගලයින් එක්ලක්‍ෂ විසිතුන්දහසකට අධික පිරිසක් පැමිණ ඇති බවද සදහන්.

රෝහින්ග්‍යා ප‍්‍රජාව හා එරට ආරක්‍ෂක අංශ අතර අවස්ථා රැසකදි ගැටුම් සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.