Saturday, April 20, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා‍වේ සුන්දරත්වය දැක ඉන්දීය ක්‍රිකට් නායක මවිත වෙයි




මාස දෙකක දීර්ඝ ශ්‍රී ලංකා සංචාරයක නිරතව සිටින ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලි ශ්‍රී ලංකා සංස්කෘතිය අගය කරන බව පවසා තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ පිහිටි සුන්දර ස්ථාන සම්බන්ධයෙන් ද  ඔහු ප්‍රසංශාව පල කර ඇති බව ඉන්දීය වාර්තා පවසනවා.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගීවීමට පැමිණි ඉන්දිය කණ්ඩායම ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවල සංචාරය කර තිබෙනවා.

එහිදී මෙරට ජනතාව දැක්වූ ආදරය පිළිබඳව ද විරාට් කෝලි මවිතියට පත්ව ඇති බව සඳහන්.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පසුගියදා පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය නිමාවීමත් සමග  ඉන්දීය ක්‍රිකට් පිල නුවරඑළියේ පිහිටි සීතා කොටුව නැඹීමට තම පවුලේ සාමාජිකයින්  සමගින් ගොස් ති‍බෙනවා.

එහිදී ඉන්දියානුවන්ගේ වඩාත් ගෞරවයට පාත්‍රවූ සීතා දේවියට ශ්‍රී ලංකා ජනතාව පුද පූජා පැවැත්වීම ගැන තමන් ආඩම්බර වන බවත් ශ්‍රී ලංකා ජනතාව කෙරෙහි ගෞරවයක් ඇති වූ බවත් ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලි පවසා තිබෙනවා.