Thursday, April 25, 2024

General line - 0115112241

අධික වැසි ගැන අලුත්ම කාලගුණ වාර්තාව මෙන්න




පවතින අධික වැසි සහිත කාලගුණයත් සමග ප‍්‍රදේශ කිහිපයකින් ආපදා තත්ත්වයන් වාර්තා වනවා.

වැඩිම බලපෑමක් සිදුව ඇත්තේ කළුතර සහ ගාල්ල යන දිස්ති‍්‍රක්කවලටයි.  

අද (05) පස්වරුවේ ඇදහැළුණු වර්ෂාවත් සමග කොළඹ නගරයේද බොහෝ මාර්ග ජලයෙන් යටව තිබුණා.

මේ වනවිට පවතින තත්ත්වය පිළිබද ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ කළුගඟේ සහ මාදුගඟේ ජල මට්ටම ද ඉහළ ගොස් ඇති බවයි.

මේ අතර ප‍්‍රදේශ රැසකට තවදුරටත් වැසි අපේක්‍ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දිවයින වටා මුහුදු ප‍්‍රදේශයේද වැසි ඇතිවන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

මිලිමීටර් සියය ඉක්මවූ වැසි ඇති වීමේ වැඩි සම්භාවිතාවක් ඇති ප‍්‍රදේශ අතරට ගාල්ල, කළුතර, මාතර මෙන්ම රත්නපුරය ඇතුළත්.

මීට අමතරව බදුල්ල, කොළඹ, නුවර, කෑගල්ල, නුවරඑළිය යන ප‍්‍රදේශවලටද මිලිමීටර් සියයකට ආසන්න වැසි ඇති විය හැකි බවයි පැවසෙන්නේ.

මේ අතර පවතින වැසි තත්ත්වය හේතුවෙන් කළුතර දිස්ති‍්‍රක්කයේ අගලවත්ත සහ වලල්ලාවිට යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නායයාමේ අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා. 

(හෙට (06) දිනයේදී වැසි තත්ත්වයන් පිළිබඳ කාලගුණ අනාවැකිය පහතින් දැක්වෙයි.)