Thursday, April 18, 2024

General line - 0115112241

ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමට ගල් ගහපු අය ගැන පොඩි සැකයක්




බංග්ලාදේශයේ තරග සංචාරයක නිරත ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් කණ්ඩායම රැගත් බස් රථයට ගල් ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඒ, බංග්ලාදේශයේ චිතගොන්හිදීයි.

ප‍්‍රහාරයෙන් බස් රථයේ වීදුරු කැඞී ගොස් ඇති බව විදෙස් මාධ්‍යයන්හි සඳහන්. එහෙත් ප‍්‍රහාරයෙන් කිසිඳු කී‍්‍රඩකයෙකුට හානියක් සිදුව නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට බංග්ලාදේශ ආරක්‍ෂක අංශ විශේෂ පරීක්‍ෂණයක්ද ආරම්භ කර තිබෙනවා. 

බංග්ලාදේශය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයට සහභාගි වන  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම රැදී සිටින හෝටලය බලා යමින් සිටින අතරතුරයි මෙම ප‍්‍රහාරය එල්ල වුණේ.

ප‍්‍රහාරය එල්ල කළේ කවුරුන්දැයි මෙතෙක් අනාවරණ වී නැහැ.

කෙසේවෙතත් බංග්ලාදේශ බලධාරීන් පවසන්නේ වීථි දරුවන් විසින් ගල් ප‍්‍රහාරය එල්ල කරන්නට ඇතැයි සැක කරන බවයි. 

මේ අතර සංචාරක  ඕස්ටේ‍්‍රලියාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවන දිනය අදයි. සිය ප‍්‍රථම ඉනිම කි‍්‍රඩා කළ බංග්ලාදේශය සියලු දෙනා දැවී ලකුණු 305 ක් රැස් කළා.  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සිය පළමු ඉනිමට කඩුලූ 02 ක් දැවී ලකුණු 225යි.