Friday, March 29, 2024

General line - 0115112241

නරේන්ද්‍ර මෝදි අවුන්සාන් සුඛී හමුව හෙට




9 වන බ්‍රික්ස් සමුළුවට සහභාගී වීම සඳහා චීනයේ නිල සංචාරයක නිරත වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද එම සංචාරය නිමවා මියන්මාරය බලා පිටත්ව ගියා.

මියන්මාරටය පැමිණි අග්‍රාමාත්‍යවරයා හරසරින් පිළිගත් අතර එරට ජනාධිපති හ්යින් ක්‍යා හමුවී සාකච්ඡාවක නිරත වූ බවයි ඉන්දීය වාර්තා පැවසුවේ.

හෙට දිනයේ දී මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගයේ නායිකා අවුන්සාන් සුකී හමුව වීමට නියමිතව තිබෙනවා.

‍මෙම හමුවේ දී දෙරට අතර පවතින මිත්‍රත්වය ශක්තිමත් කිරිම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වනු ඇති.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මියන්මාරයේ දින 2ක් රැදී සිටීමට ද නියමිතයි.