Thursday, April 25, 2024

General line - 0115112241

මියන්මාරයේ මුස්ලිම් ජනතාව වෙනුවෙන් මන්නාරමෙන් හඬක්




මියන්මාරයේ මුස්ලිම් ජනතාවට එරට ආරක්‍ෂක අංශ හා රජය විසින් වධහිංසා සිදු කරන බවට පවසමින් එම ක්‍රියා හෙළා දකිමින් මන්නාරම නගරයේ අද (05) විරොධතාවක් පැවැත් වුණා.

එය මන්නාරම දිස්ති‍්‍රක් සිවිල් සංවිධාන එකමුතුව සංවිධාන කර තිබුණා.

එහිදී ඔවුන් කියාසිටියේ මියන්මාරයේ ජීවත්වන මුස්ලිම් ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කරන ලෙසයි.

ඒ සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන වහා මැදිහත්විය යුතු බවටයි ඔවුන් බලකර සිටියේ.