Friday, March 29, 2024

General line - 0115112241

ෆොන්සේකා ගැන තීරණයක් ගන්නැයි ජනපතිගෙන් ඉල්ලයි




ෆීල්ඞ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා පසුගියදා සිදුකළ ප‍්‍රකාශය රටම පාවාදීමක් බව ඒකාබද්ධ විපක්‍ෂය පවසනවා.

අද (05) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එහි සාමාජික පාර්ලිමේන්තු මන්තී‍්‍ර ප‍්‍රසන්න රණතුංග අමාත්‍ය සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක්ද කෙරුණා.

එහිදී සඳහන් කෙරුණේ විජේදාස රාජපක්ෂ සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ක්‍රියාකළ ආකාරයටම අමාත්‍ය සරත් ෆොන්සේකා සම්බන්ධයෙන්ද ක්‍රියා කර ජනාධිපතිවරයා රටේ ජනතාවට පෙන්විය යුතු බවයි.

තමන්ට සිදුකරන චෝදනා සම්බන්ධයෙන් ෆීල්ඞ් මාර්ෂල්  අමාත්‍ය සරත් ෆොන්සේකා ද අද මාධ්‍ය හමුවේ ප‍්‍රතිචාර දැක්වුවා.

එහිදී සඳහන් කෙරුණේ "මම හැංගි හොරා වැඩ කරන කෙනෙක් නෙමෙයි කියලා හැමෝම දන්නවා. ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ඉතා හොඳින් දන්නවා මම හැමදාම හිටියේ මොනවගේ ස්ථාවරයකද කියලා..මම බ්‍රසීලයේ තියෙන අධිකරණ ක්‍රියාවලියට සාක්ෂි දෙනවා කියන කාරණය සම්බන්ධයෙන් පැහැදිළිවම ඒ ක්‍රියාවලිය ප්‍රතික්ෂේප කළා. මම හැමදාම කිව්ව දෙයක් තමයි ශ්‍රී ලංකා හමුදාව විදේශ විනිසුරුවන් ඉදිරියට ගෙන යා යුතු නැහැයි කියන කාරණය. හැබැයි වැරදි කරලා තියෙනවා නම් ලංකාවේ නීතියට අනුව වැඩ කරන්න ඕනේ." යනුවෙනි.

කෙසේවෙතත් ෆීල්ඞ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆෙන්සේකා විසින් සිදුකරන ලද මතභේදාත්මක ප‍්‍රකාශය පිළිබඳ ගන්නා කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් හෙට (06) දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවයි ඒකාබද්ධ විපක්‍ෂය පවසන්නේ.