Friday, April 19, 2024

General line - 0115112241

තෙවැනි පාසල් වාරය අද ඇරැඹේ




2017 අධ්‍යයන වර්ෂයට අදාළ තෙවැනි පාසල් වාරය අදින් (06) ආරම්භ වුණා.
 
ඒ අනුව අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා යොදා නොගන්නා පාසල් 05ක් හැරු අනෙකුත් පාසල් මෙලෙස තෙවන පාසල් වාරය ආරම්භ කරනවා.
 
උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා සම්පූර්ණයෙන් වසා තැබෙන පාසල් 12 වැනිදා සිය තෙවන පාසල් වාරය ආරම්භ කරන අතර පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා කොටසක් පමණක් වසා තැබෙන පාසල් ද අද දිනයේ දී තෙවන පාසල් වාරය ආරම්භ කිරීමට නියමිතව තිබුණා.