Saturday, April 20, 2024

General line - 0115112241

කේට් කුමරියගේ උඩුකය නිරුවත් ඡායාරූප පළ කළ සඟරාව වැඩ වරද්ද ගනී




බි‍්‍රතාන්‍යයේ කේට් කුමරියට හා විලියම් කුමරුට යුරෝ ලක්ෂයක වන්දියක් ගෙවන ලෙසට ප‍්‍රංශයේ ප‍්‍රකට සඟරාවකට එරට අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ, කේට් කුමරියගේ උඩුකය නිරුවත් ඡායාරුපයක් පළ කර ඔවුන්ගේ පෞද්ගලිකත්වයට හානි සිදු කළ බව පවසමින්. 

ප‍්‍රංශයේ ක්ලෝසර් සඟරාව විසින් 2012 වසරේදී මෙම මතභේදාත්මක ඡායාරූප පෙළ ප‍්‍රසිද්ධියට පත් කර තිබුණා.

ඊට එරෙහිව බි‍්‍රතාන්‍යයේ කේට් කුමරියගේ හා විලියම් කුමරුගේ නිතිඥවරුන් නඩු පැවරීමටයි කටයුතු කළේ.

එහි තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් ප‍්‍රංශයේ අධිකරණයක් සඟරාවේ කතෘට සහ එහි හිමිකරුට ද යුරෝ හතළිස් පන්දහසක දඩයක් ගෙවන ලෙසට නියෝග කර තිබෙනවා..