Saturday, April 20, 2024

General line - 0115112241

20 සංශෝධනයෙන් පසු එකවර සියළු පළාත් සභා මැතිවරණය(UPDATE)




20 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ගොනු කළ පෙත්සම් සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද ආරම්භ වුණා.

, අග විනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේයි.

එහිදී ආණ්ඩුවේ ස්ථාවරය ප්‍රකාශයට පත් කරමින් නීතිපතිවරයා සහන් කළේ පනත සම්මත වූ දිනයේ සිට වසරක් ඇතුළත මැතිවරණය පැවැත්වවීමට කටයුතු කරන බවයි.

ඒ අනුව සියලූ පළාත් සභාවල මැතිවරණය එකම දිනයකදී ක්‍රියාත්මක වනු ඇති.

මීට අමතරව යම්කිසි පළාත් සභාවක නිළ කාලය අවසන් වීමට පෙර මාස 42ක් තුළ එය විසුරුවා හැරියහොත් ඒ සහා ද මැතිවරණයක් පැවැත්වීමට ප්‍රතිපාදන ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

ඊට අදාල සංශෝධන ගෙන එන බවට වූ නීතිපතිවරයාගේ ස්ථාවරය ශ්‍රේෂ්ඨාධිකරණයට අද වාචිකව දැනුම් දුන්නා.

එය ලිඛිතව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන ලෙසයි මෙහිදී නීතිපතිවරයා නියෝග කළේ.

---------------------------------

පළාත් සභා මැතිවරණය ගැන නීතිපති කරුණු පැහැදිළි කරයි (06-09-2017 13:22)

පළාත් සභා මැතිවරණය පවත්වන ආකාරය සම්බන්ධයෙන් නීතිපති ජයන්ත ජයසුරිය, අද ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල කරුණු ඉදිරිපත් කර තිබුණා.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වී මාස 12 ක් ඇතුළත, පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවයි.