Wednesday, April 24, 2024

General line - 0115112241

''අර්ජුන් සොයා ගන්න බැරි වුණා''විමර්ශන නිලධාරින් බැඳුම්කර කොමිසමට දන්වයි




පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සොයා ගැනීමට නොහැකි වූ බව විමර්ශන නිලධාරීන් අද බැඳම්කර කොමිසම වෙත දැනුම් දුන්නා.

අද දිනයේ කොමිසම හමුවේ පෙනී සිටින්නැයි අර්ජුන් ඇලෝසියස්ට නොතීසියක් නිකුත් කර තිබූ අතර එය භාරදීම සදහායි විමර්ශන නිලධාරීන් ඔහු සොයාගොස් ඇත්තේ.

තමන් අර්ජුන් ඇලෝසියස්ගේ නිවසටද කාර්යාලයටද ගොස් ඔහු හමුවීමට උත්සාහ කළ බවද විමර්ශන නිලධාරීන් බැඳුම්කර කොමිසම හමුවේ කියා සිටියා.

ඒ අනුව කොමිසම හමුවේ අද පෙනී සිටින්නැයි අර්ජුන් ඇලෝසියස්ට දැනුම්දෙන ලෙස තමන් ඔහුගේ නීතිඥවරුන් දැනුවත් කළ බවයි විමර්ශන නිලධාරීන් වැඩිදුරටත් පැවසුවේ.