Saturday, April 20, 2024

General line - 0115112241

බන්ධනාගාර රෝහලේ ඝාතනයක්! වාට්ටුවේ ලේ පැල්ලම්!




වැලිකඩ බන්ධනාගාර රෝහලේදී සියදිවි නසාගත් රැඳවියාගේ මරණය සම්බන්ධයෙන් සැක මතුවී තිබෙනවා. බන්ධනාගාර ආරංචි පැවසුවේ ඔහු සමග සිටි අනෙක් රැඳවූවන් දෙදෙනා අදාළ රැඳවියා ඝාතනය කර එල්ල ඇති බවයි.

එම රැඳවූවන් දෙදෙනාගෙන් එක් අයෙකු එය පිළිගෙන තිබෙනවා. ඒ බව අනාවරණ වී ඇත්තේ ඔවුන් රදවා සිටි බන්ධනාගාර රෝහලේ 5 වන වාට්ටුවේ ලේ පැල්ලම් තිබීම හේතුවෙන්.  මේ පිළිබද බොරැල්ල පොලීසියද පරීක්‍ෂණයක් සිදුකරනවා.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ ගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන්ද පරීක්‍ෂණයක් සිදු කරන බවයි. ජේලර්වරයෙකුගේ ප‍්‍රධානත්වයෙන් එම පරීක්‍ෂණ පැවැත්වෙන බවද ඔහු වැඩිදුරටත් සදහන් කළා.