Saturday, April 20, 2024

General line - 0115112241

පානදුරයේ "පත්තා" ඝාතනයට සැක පිට 2ක් අත්අඩංගුවට




පානදුර වෙරළ ප‍්‍රදේශයේදී පාතාල ක‍්‍රියාකාරිකයෙකු බව පැවසෙන පත්තා හෙවත් ඉන්දික නැමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සංජීව ප‍්‍රනාන්දු නැමැති එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර බස් නැවතුම්පළේදීයි. ළහිරු ප‍්‍රදිප් නැමැති අනෙත් සැකකරු හමුදාවෙන් පළා ගිය අයෙකු බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

ඝාතනයට ලක් වූ පත්තා නැමැති පාතාල සාමාජිකයා ඝාතනයට ලක්වූ දිනයේදි ළහිරු ප‍්‍රදීප් නැමැති සැකකරුට මරණ තර්ජන කර ඇති බවද මූලික පරීක්ෂණවලදී අනාවරණ වුණා. සිද්ධිය සම්බන්ධයෙන් තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනිමට නියමිතයි. එමෙන්ම, සැකකරුවන් පැමිණි ත‍්‍රිරෝද රථයද සොයා පොලිස් පරීක්ෂණ ක‍්‍රියාත්මක වනවා. 

පත්තා නැමැති පාතාල සාමාජිකයා ඝාතනයට ලක් වන්නේ ඉකුත් 02වනදා රාත‍්‍රියේයි. ඔහුගේ සිරුරේ කැපුම් තුවාල 50ක් පමණ තිබු බවටයි පැවසෙන්නේ.