Friday, April 26, 2024

General line - 0115112241

මේ මාසෙන් පස්සෙ කැබිනට් මණ්ඩලය අහෝසියි!




ජාතික ආණ්ඩුවේ වසර දෙකක කාලය ඉක්මයාමත් සමග මෙම ආණ්ඩුවේ අමාත්‍ය ධුරද අහෝසි වියයුතු බව විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර  අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු ඒ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදී අද අදහස් පළ කරමින්. සභානායක අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල ඊට ප‍්‍රතිචාර දැක්වුවා. 


මේ අතර සෑම පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකුටම කාර්යාලයක් පවත්වාගෙන යාම සදහා රුපියල් ලක්‍ෂය බැගින් මාසික දීමනාවක් ලබාදීම ඇතුළු කරුණු කිහිපයක් සදහා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කෙරුණා. සෑම පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකුටම කාර්යාලයක් පවත්වාගෙන යාම සදහා මාසික දීමනාව වෙනුවෙන් එමගින් ඉල්ලා ඇති මුදල රුපියල් දහතුන්කෝටි හතලිස් හතර ලක්‍ෂයක්. 

ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයාට වාහනයක් මිළදී ගැනීම වෙනුවෙන් රුපියල් පන්කෝටි අනූ අට ලක්‍ෂයක් ද ඉල්ලා තිබෙනවා.

 

මීට අමතරව මීතොටමුල්ල ආපදා පුනරුත්ථාපන සහ සහන සදහා වන වියදම් ලෙස රුපියල් තිස්එක්කෝටි හැත්තෑ ලක්‍ෂයක්ද එහි වන්දි ගෙවීම වෙනුවෙන් රුපියල් තුන්කෝටි තිස් ලක්‍ෂයක්ද මෙම පරිපූරක ඇස්තමේන්තුවෙන් අපේක්‍ෂිතයි. නියගයෙන් පීඩාවිදින ජනතාවට සහන සැලසීම සදහා ජල බවුසර් මිළදී ගැනීම වෙනුවෙන් තවත් රුපියල් දහසය කෝටි පනස් ලක්‍ෂයක්ද ඉල්ලා තිබෙනවා.