Friday, April 19, 2024

General line - 0115112241

මහ බැංකුවෙන් ලංසු තියන්න මිල ගණන් දුන් හැටි හෙළිවෙයි! අර්ජුන් ඇලෝසියස් සොයාගන්නත් නැහැ




ශී‍්‍ර ලංකා මහබැංකුවේ ප‍්‍රශ්නගත බැදුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් තවත් වැදගත් තොරතුරු රැසක් බැදුම්කර කොමිසමේදී අද අනාවරණ වුණා. අදාළ බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා මහබැංකුවේ අභ්‍යන්තර තොරතුරු පර්පචුවල් ටෙ‍්‍රෂරිස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස්ට ලැබී ඇති බව එලෙස හෙළි වූ එක් කරුණක්. බැදුම්කර නිකුතුවේදී ලංසු තැබිය යුතු මිළ ගණන් සහ අනුපාතයන්ද ඒ අතර වනවා.

බැදුම්කර කොමිසමේදී මෙම තොරතුරු අනාවරණ වුයේ පර්පචුවල් ටෙ‍්‍රෂරිස් සමාගම විසින් විනාශ කර තිබී පසුව සොයා ගැනුණු හඩ පටවලින්. 

ප‍්‍රශ්නගත බැදුම්කර ගණුදෙණුව සම්බන්ධයෙන් 7 වන පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට පර්පචුවල් ටෙ‍්‍රෂරිස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ලබාදී ඇති ප‍්‍රකාශයක් එම කෝප් කමිටුව නියෝජනය කළ මන්තී‍්‍රවරියකගේ පුත‍්‍රයෙකු විසින් අර්ජුන් ඇලෝසියස්ට ලබාදී ඇතැයිද අද අනාවරණ වුණා.  සාක්‍ෂි ලබාදුන් පර්පචුවල් ටෙ‍්‍රෂරිස් සමාගමේ ප‍්‍රධාන අළෙවි නිලධාරී නුවන් සල්ගාදු කියාසිටියේ අභ්‍යන්තර රහසිගත තොරතුරු අර්ජුන් ඇලෝසියස්ට ලබාදීමට සේවක අර්ථසාධක අරමුදලේ සහ වෙනත් රාජ්‍ය ආයතනවල නිලධාරීන්ද කටයුතු කළේ යැයි තමන් දැන සිිටි බවයි. 


අද මෙම සාක්‍ෂි විභාගය සිදුවන අවස්ථාවේ බැදුම්කර කොමිසම පිහිටි පරිශ‍්‍රයට අතිරේක ආරක්‍ෂාවක්ද සපයා තිබුණා. ඒ, සාක්‍ෂි විභාගය අවසන් අදියරේ ඇති බැවින් අතිරේක ආරක්‍ෂාවක් සපයන්නැයි කොමිසම විසින්ම කර තිබූ ඉල්ලීමක් අනුවයි. 

බැදුම්කර කොමිසම හමුවේ අද පෙනී සිටින්නැයි පර්පචුවල් ටෙ‍්‍රෂරිස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ටද නොතීසි නිකුත් කර තිබුණා. එහෙත් නොතීසි භාරදීම සදහා නිවසේදී හෝ කාර්යාලයේදී ඔහු සොයා ගැනීමට නොහැකි වූ බවයි විමර්ශන නිලධාරීන් කොමිසම වෙත දැනුම් දුන්නේ. ඒ අනුව සිය සේවාදායකයා බැදුම්කර කොමිසම වෙත ඉදිරිපත් කරන්නැයි අර්ජුන් ඇලෝසියස්ගේ නීතිඥවරුන්ට නියෝග කෙරුණා.