Friday, April 19, 2024

General line - 0115112241

ජෙනරාල් ජගත් ජයසූරියට එල්ලවන චෝදනා ගැන ආණ්ඩුවේ ස්ථාවරය සති දෙකකින්




හිටපු යුද හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරියට එරෙහිව ඉදිරිපත් වී ඇති යුද අපරාධ චෝදනා සහ ඊට අදාළව අමාත්‍ය, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඉකුත්දා කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තුවේදී අද අදහස් පළ වුණා. ජෙනරාල් ජගත් ජයසූරියට එරෙහිව ඉදිරිපත් වී ඇති යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය සති දෙකකින් ප‍්‍රකාශ කරන බවයි සභානායක අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල එහිදී කියාසිටියේ. ස්ථාවර නියෝග 23, 2 යටතේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිනේෂ් ගුණවර්ධන ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් සභානායකවරයා ඒ බව කියාසිටියා. 

පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශද මෙහිදී අදහස් දැක්වුවා.


අද පැවති මාධ්‍ය හමු සහ උත්සව කිහිපයකදීද මේ සම්බන්ධයෙන් අදහස් පළ වුණා. මේ, එක්සත් ජාතික පක්‍ෂය විසින් කැදවා තිබූ මාධ්‍ය හමුවකදී ඒ පිළිබද අදහස් දැක්වූ එහි මහලේකම් අමාත්‍ය කබීර් හෂිම්.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය නවීන් දිසානායක පැවසුවේ දේශපාලනඥයින් කිසියම් ප‍්‍රකාශයක් කිරීමේදී වඩා බුද්ධිමත් විය යුතු බවයි. සිදුවන්නේ කුමක් දැයි ජනතාවට ඉව තිබෙන බවද ඔහු සිහිපත් කළා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන්ද මාධ්‍යවේදීන් අද මේ සම්බන්ධයෙන් ප‍්‍රශ්න කළා. 
මහින්ද රාජපක්‍ෂ මහතා මාධ්‍යවේදීන් වෙත එම අදහස් දැක්වුයේ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන හමුවීම සදහා අද පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාරයට පැමිණ අවස්ථාවේදීයි.