Thursday, April 25, 2024

General line - 0115112241

ගිය ආණ්ඩුව අතහැර දමා තිබූ සංවර්ධන ව්‍යාපෘතීන්ද ඇරඹුවා




වසර දෙකක් ඇතුළත රටේ යහපත උදෙසා බොහෝ දේ ඉටුකිරීමට වත්මන් ආණ්ඩුවට හැකි වී ඇතැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. අග‍්‍රාමාත්‍යවරයා ඒ බව පැවසුවේ එක්සත් ජාතික පක්‍ෂයේ 71 වන සංවත්සරය වෙනුවෙන් සිරිකොත මූලස්ථානයේ අද පැවති උත්සවයකදීයි.

ඉකුත් ආණ්ඩුව සමයේ මුදල් නොමැතිව අතහැර දමා තිබූ සංවර්ධන ව්‍යාපෘතීන්ද මේ වනවිට ආරම්භ කර ඇතැයි අග‍්‍රාමාත්‍යවරයා කියාසිටියා. 

"නිවාස ලක්ෂ දෙකයි" ඉන්ධන මිල 22%න් අඩු කළා, ගැබිණි මව්වරුන්ට 20000ක් දුන්න, රජයේ සේවක පඩිය 10000න් වැඩි කළා, දරුණු අපරාධ 30%න් අඩුකරන්න පුළුවන් වෙලා තියෙනව. " යැයිද අගමැතිවරයා මෙහිදී පැවසුවා.

එක්සත් ජාතික පක්‍ෂයේ 71 වන සංවත්සරය වෙනුවෙන් ආගමික වතාවත් ඉටුකිරීමද මෙහිදී සිදු කෙරුණා. එම පක්‍ෂයේ හිටපු නායකයින්ගේ පිළිරූවලට මල්මාලා පැළදවීම සිදුකෙරුණේ අග‍්‍රාමාත්‍යවරයා විසින්.