Thursday, April 25, 2024

General line - 0115112241

උතුරු කොරියාවට එරෙහි අමෙරිකාවේ පළමු පියවර ගැන හෙළි කරයි




උතුරු කොරියාවට එරෙහිව තම පළමු පියවර සම්බන්ධයෙන් පැහැදිළි කිරීමක් සිදු කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව පළමු පියවර යුදමය කි‍්‍රයාමාර්ගයක් නොවන බවයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පවසන්නේ.

උතුරු කොරියාව විසින් මේ දිනවල වර්ධනය කර ගනිමින් පවතින න්‍යෂ්ටික සහ බැලැස්ටික මිසයිල අත්හදා බැලීම සඳහා ප‍්‍රතිචාර දක්වමින් අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා.  

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ චීන ජනාධිපති ෂි ජිං පිං සමග පැවති දුරකතන සංවාදයකින් අනතුරුවයි. චීනයද තම අදහස සම්බන්ධයෙන් විරෝධතාව පළ නොකරන බවට තමන් විශ්වාස කරන බවයි ඩොනල්ඞ් ට‍්‍රම්ප් විදෙස් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කියාසිටියේ.