Saturday, April 20, 2024

General line - 0115112241

පාසැල් වැසේ..ජන ජීවිතය වැටේ - මිණිපුරේ ගංවතුරින් දුකට පත් හැටි (VIDEO)

වසන්ත පිවිතුරු - රත්නපුර සිට




රත්නපුර  දිස්ත්‍රික්කයේ පාසල් අද (07) උදෑසන 10.30ට අවසන් කරනු ලැබුවා.

ඒ, ප්‍රදේශයට බලපා ඇති ආපදා තත්ත්වය නිසායි.

රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ සහ අයගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අවදානම් කලාපයන්හි සිටින පුද්ගලයින් එම කලාපවලින් ඉවත් කිරීම ද මේ වනවිට සිදුකෙරෙමින් පවතිනවා.

කළු ගඟ පිටාර මට්ටමට පැමිණ ඇති බැවින් ගඟ දෙපස ආසන්නයේ පදිංචිකරුවන්ට ඉවත්වන ලෙස ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ද මේවනවිට  දැනුම්දී තිබෙනවා.

රත්නපුර දිස්ත්‍රික්කයේ වත්මන් තත්ත්වය පහතින් නැරඹිය හැකියි.