Thursday, March 28, 2024

General line - 0115112241

කුකුළේ ගඟ දෙවැනි දොරටුවත් අරී! ඉංගිරියෙන් පහළ අවධානම්!




කුකුලේගඟ ජලාශයේ දෙවන වාන් දොරටුවද මේවනවිට විවෘත කර තිබෙනවා. එහි පළමු වාන් දොරටුව විවෘත කෙරුණේ අද උදෑසන 8.30 ට යි. මේ වනවිටත් ජලධාරා ප්‍රෙද්ශවලට තද වැසි ඇද වැටෙනවා.

මේ වනවිට තත්පරයට ඝන මීටර් 182ක ජල ධාරිතාවක් පිටවෙමින් පවතිනවා. මේ හේතුවෙන් ඉංගිරිය, මෝල්කාව, අගලවත්ත, පාලින්ද නුවර, බුලත්සිංහල සහ මධුරාවල ප්‍රදේශවල ජනතාව තවත් අවධානමට ලක්වනවා. පහත් බිම් ආහ්‍රිතව ජීවත්වන ජනතාව එම ප්‍රෙද්ශවලින් ඉවත් වන්නැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.