Friday, March 29, 2024

General line - 0115112241

දවස් 5ක් තද වැස්ස! කාලගුණය අනතුරු අඟවයි! විමසිල්ලෙන් සිටින්න




ඉදිරි දිනවලදී දිවයිනට නැගෙනහිර දෙසින් බෙංගාල බොක්ක ප‍්‍රදේශයේ පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ හේතුවෙන් දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්වය ලබන 12 වනදා දක්වා පැවතිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. පවතින කාලගුණ වෙනස්වීම් සම්බන්ධයෙන් සිය දෙපාර්තමේන්තුව නිකුත් කරන නිවේදන පිළිබඳ දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසද මෙහිදී ඉල්ලීමක් කෙරුණා.