Saturday, April 20, 2024

General line - 0115112241

වැස්ස නිසා යළි ඩෙංගු අවධානමක්! වර්ෂාව අතරෙත් මර්ධනයට උපදෙස්




පවතින වැසි සහිත කාලගුණ තත්වයත් සමග ඩෙංගු රෝගය යළි ව්‍යාප්ත විය හැකි බැවින් දැනට ක‍්‍රියාත්මක කරන ඩෙංගු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක‍්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න උපදෙස් ලබාදෙනවා. අමාත්‍යවරයා විසින් මෙම උපදෙස් ලබාදී ඇත්තේ ජාතික ඩෙංගු මර්දන ඒකකය වෙතයි.

ඊසාන දිග මෝසම් වර්ෂාවත් සමග උතුරු සහ නැගෙනහිර පළාත්වල මෙන්ම දිවයින පුරා තවත් දිස්ත‍්‍රික්ක ගණනාවක ඩෙංගු රෝගීන් යළි වැඩිවීමේ අවදානමක් පවතින බවද සෞඛ්‍ය අමාත්‍යවරයා ස`දහන් කළා. ඒ අනුව ලබන 20 වනදා සිට 26 වනදා දක්වා යළි ජාතික මදුරු මර්දන සතියක් ක‍්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර තිබෙනවා.