Tuesday, April 23, 2024

General line - 0115112241

බදු ගෙවන අයට දෙන්න හදන වරප්‍රසාද මෙන්න - සත්තු වත්ත..සීගිරිය  නොමිලේ බලන්න දෙනවලු (VIDEO)

චිරාන් ජීවන්ත ධර්මසේන - පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට 




බදු ගෙවන පුද්ගලයන්ට කෞතුකාගාරය,සත්වෝද්‍යානය සහ සීගිරියට යන විට  නොමිලේ ඇතුළු වීමේ හැකියාව ලබාදිය හැකි බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා.

අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී අද (07) පෙන්වා දුන්නේ  වයස අවුරුදු 18 වැඩි සෑම පුද්ගලයෙකු සඳහාම ඉදිරියේදී බදු ලිපිගොනුවක් ආරම්භ කිරීමට රජය බලපොරොත්තු වන බවයි.

ගොණුවක් ඇතිකළ පමණින් බදු ගෙවිය යුතු බව ඉන් නොකියවෙන බවද ඔහු පෙන්වා දුන්නා.

බදු ලිපිගොනුවක් හා ඊට අදාල කාඩ්පතක් හිමි පුද්ගලයන්ට ලබාදෙන  වරප්‍රසාද පිළිබඳව අමාත්‍යවරයා කළ ප්‍රකාශය පහතින් නැරඹිය හැකියි.