Monday, September 25, 2017
Hotline - 0770586666

'දියකාව පුහුණු අභ්‍යාස VIII – 2017' භට පිරිස් ප්‍රහාරයන්ට සුදානම් (PHOTOS)

2513Views

පසුගිය දෙදින (05,06) තුල ‘දියකාව පුහුණු අභ්‍යාස VIII – 2017’ සඳහා අනියුක්ත කර සිටින පුහුණු භට පිරිස් ත්‍රිකුණාමලය මන්කි බ්‍රිජ් (Monkey Bridge) යුද්ධ හමුදා කඳවුර අවට ප්‍රදේශයන් හී ඒකාබද්ධ දිය සහ ගොඩ යුධ පුහුණු ප්‍රහාර අභ්‍යාසය ආරම්භ කොට තිබෙනවා.

දිය සහ ගොඩ ක්‍රියාන්විත මෙහෙයුමක් යනු ප්‍රහාරක භට පිරිස් සතුරු ප්‍රදේශයකට ආක්‍රමනශීලිව මුහුදින් ගොඩ බැස්වීමෙන් අනතුරුව, නාවික සහ ගොඩබිම් යුද හමුදා භට පිරිස් විසින් සිදු කරන යුධ ප්‍රහාරක ක්‍රියාන්විත වනවා.

මෙම පුහුණු යුධ ක්‍රියාන්විතය ප්‍රහාරයන් සඳහා යොදවනු ලබන 2 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවට අයත් යුධ ටැංකි සහ භට පිරිස් නාවික හමුදා යාත්‍රා මගින් ප්‍රවාහනය කිරීම් සඳහා එම නාවික යාත්‍රා වෙත ගොඩ නැංවීම සහ ගොඩ බැස්වීමේ පුහුණු සරඹයන් මේ වන විට සිදු කරනු ලබනවා.

 

GOSSIP NEWS