Thursday, April 25, 2024

General line - 0115112241

කවුඩුල්ලේ ඇලකින් ඉපැරණ බුදු පිළිමයක් මතුවෙයි (PHOTOS)




මැදිරිගිරිය කවුඩුල්ල වාන් ඇළ සංවර්ධන කටයුතු කිරීමේදී ඉපැරණි බුද්ධ ප්‍රතිමාවක් පොළොවෙන් මතුව තිබෙනවා. බැකෝ යන්ත්‍ර මගින් වාන් ඇලේ ඇති වැලි පස් ඉවත් කිරීමේදී මෙම ඉපැරණි බුද්ධ ප්‍රතිමාව හමුව ඇති බවත් එය ශෛලමය හිටි පිළිමයක්  බව පොලොන්නරුව පුරා විද්‍යා කලාප භාර නිලධාරිනි තනුජා අමරතුංග පැවසුවා.

මෙම ප්‍රතිමාව අඩි 6 1/2 උසින් යුතුය. ප්‍රතිමාව දුර්වල තත්වයේ පවතින අතර මෙහි කාල වකවානුව ඇතුළු කරුණු රැසක් අනාවරණය කර ගැනීම සදහා ඉදිරියේදී පරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිත බවයි එම නිලධාරිනිය පැවසුවේ.

බුද්ධ ප්‍රතිමාව අද (07) දා එම ස්ත්නයෙන් ඉවත් කර පොලොන්නරුව මැදිරිගිරිය වටදාගෙයට අයත් පුරා විද්‍යා කාර්යාලයේ තැම්පත් කළා.