Wednesday, April 24, 2024

General line - 0115112241

රනිල් සමග මහින්ද ඇතුළු ඒකාබද්ධ විපක්ෂය සාකච්ඡා කළ කරුණු මෙන්න




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් හා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අතර ඊයේ පැවති හදිසි සාකච්ඡාවේදී 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේ අග‍්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයේ දී මෙම හමුව පැවැත්වුණා. 

පළාත් පාලන මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට රාජ්‍ය සේවකයින්ට අවස්ථාව ලබා නොදීම සම්බන්ධයෙන් 20 වන සංශෝධනයේ ඇති වගන්තිය සංශෝධනය කරන ලෙසයි හිටපු ජනාධිපතිවරයා මෙහිදී ඉල්ලා ඇත්තේ. එය සමස්ත රාජ්‍ය සේවකයින්ට සිදු කරන අසාධාරණයක් බව ඔහු එහිදී පෙන්වා දී තිබෙනවා. ඊට පිළිතුරු ලබාදෙමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහන් කර ඇත්තේ පක්ෂ නායකයින් සමග ඒ පිළිබඳ සාකච්ඡා කර තීරණයක් ගන්නා බවයි.

පැයකට ආසන්න කාලයක් මෙම සාකච්ඡා පැවැත්වුණා. ඊට ඩලස් අලහප්පෙරුම, දිනේෂ් ගුණවර්ධන ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් පිරිසක් සහභාගී වී තිබෙනවා.