Friday, March 29, 2024

General line - 0115112241

කෝලිගේ අලුත්ම ඉළක්කය




ඉන්දියානු ක්‍රිකට් නායක විරාට් කෝලි මේ වසරේ නොවැම්බර් මාසයේදී  නව මලල ක්‍රීඩා භාණ්ඩ අළෙවි ව්‍යාපාරයක් ආරම්භ කිරිමට තීරණය කර තිබෙනවා.

පූමා වෙළඳ නාමය සමග එක්ක මෙම නව කටයුත්ත ක්‍රියාත්මක කිරිමට තමන් බලාපොරොත්තු වන බවයි විරාට් කෝලි පවසා ඇත්තේ.

මේ සම්බන්ධයෙන් පූමා සමාගමේ ඉහල නිලධාරින් පිරිසක් Economics Times සඟරාවට පවසා තිබෙනවා.

ආකර්ශනීය වෙළඳ භාණ්ඩ වශයෙන් මෙය නම් කර ඇති අතර පාවහන්, ඇඟළුම් හා වෙනත් ක්‍රීඩා භාණ්ඩවල විරාට් කෝලිගේ ඡායාරූප ඇතුලත් කරනු ඇති බවයි පූමා සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ අභිෂේක් ගංගුලි පවසන්නේ.

එමෙන්ම විරාට් කෝලි පූමා සමාගම සමග අත්වැල් බැඳගෙන ඇත්තේ අනුග්‍රහය ලබාගැනීමට නොවන බව සඳහන්.

සමාගමේ හවුල්කරුවෙකු වශයෙන් විරාට් කෝලි කටයුතු කරන බවයි පූමා සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ අභිෂේක් ගංගුලි කියා සිටියේ.