Wednesday, April 24, 2024

General line - 0115112241

SAARC Trade Fair 2017 හෙටින් අවසන්




SAARC Trade Fair 2017වෙළඳ ප්‍රදර්ශනය ඊයේ (07) ආරම්භ කෙරුණා. ඒ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දීයි.

මෙම ප්‍රදර්ශනය හෙටින් (09) අවසන්වීමට නියමිතව තිබෙනවා.

 

මෙම ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වුයේ අමාත්‍ය සරත් අමුණුගමයි. 

මෙහිදී කලාපීය ආයෝජන හා වෙළඳ කටයුතු සම්බන්ධයෙන් ඇති ඉඩ ප්‍රස්ථාව පිළිබඳව අවධානය යොමු කරනු ලැබුවා.

දකුණු ආසියානු කලාපීය නිෂ්පාදන පිළිබඳව අවබෝධයක් ලබාදීම මෙන්ම වෙළඳ ප්‍රචාරනය ශක්තිමත් කිරිම මෙහි අරමුණ වුණා.

 

 

අත්කම් නිර්මාණ, සළුපිලි, ඇඟලුම් කර්මාන්ත, යන්ත්‍ර උපකරණ, මුඵතැන් උපකරණ, ගෘහ නිෂ්පාදන හා විදුලි උපකරණ අනාගතේ දී වැඩි වශයෙන් ප්‍රචලිත කිරිමට අපේක්ෂා කරන බව කලාපීය නිෂ්පාදකයින්ගේ අදහස වී තිබෙනවා.

 

එමෙන්ම සෞඛ්‍ය පෝෂණ හා සනීපාරක්ෂක කටයුතු සංවර්ධනය,තෑගි භාණ්ඩ අලෙවිය හා සේවාව ,ආහාර නිෂ්පාදන, වාහන අමතර කොටස්, මැණික් හා ස්වර්ණාභරණ  යන කේෂ්ත්‍රයන් සම්බන්ධයෙන් ද අනාගතේ දී වැඩි අවධානයක් යොමු කිරිමට නියමිතයි.