Saturday, April 20, 2024

General line - 0115112241

කටාර් අර්බුදය විසඳන්න ධවල මන්දිරය සූදානම්




 

කටාරය සහ සෞදි අරාබිය ඇතුලූ ගල්ෆ් රටවල් අතර ඇතිවී තිබෙන අර්බුදය විසඳීම සඳහා මැදිහත්වීමට සූදානම් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

 

වොෂිංටනයේ ධවල මන්දිරයේදී කුවේට එමීර්වරයා වන ෂෙයික් අල් සබා සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි ඔහු මේ බව කියා සිටියේ.

 

කටාරය ත්‍රස්තවාදයට උරදෙන බව පවසමින් සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඊජිප්තුව සහ බහරේනය ඇතුලූ රටවල් රැසක් පසුගිය ජූනි 5 වනදා සිට එරට සමග රාජතාන්ත්‍රික සබඳතා අත්හිටවනු ලැබුවා.

 

එම සබඳතා යළි ඇතිකරගැනීම සඳහා ඉදිරිපත් කළ කොන්දේසිවලට කටාරය කේන්ද්‍ර කොටගත් අල්ජසීරා රූපවාහිනිය වසා දැමීම ද ඇතුළත්.

 

කටාරයට ඉදිරිපත් කර ඇති කොන්දේසි සියල්ල සාධාරණ නොවන බව කුවේට එමීර්වරයාද පිළිගත්තේ යැයි වොෂින්ටන් වාර්තා සඳහන් කළා.