Wednesday, April 24, 2024

General line - 0115112241

ෆැඩ්නා අරුනැල්ල මහරගමදී




ශ‍්‍රී ලාංකික ජනතාවට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගතකිරීම සඳහා අත්වැලක් වීමේ අරමුණින් ෆැඞ්නා ආයතනය සංවිධාන කරන ‘ෆැඞ්නා අරුණැල්ල’ වෛද්‍ය සායන මාලාවේ 25 වැනි අදියර මේ වනවිට කි‍්‍රයාත්මක වනවා. ඒ මහරගම ශ‍්‍රී සුදර්මාරාම විහාරස්ථානයේදීයි.

ෆැඞ්නා ආයතනයේ වෙළෙඳනාම කළමනාකරු මෛත‍්‍රී සන්දරප්පෙරුම පැවසුවේ මේ පැවැත්වෙන්නේ 25 වැනි "ෆැඩ්නා අරුණැල්ල" බවයි. දියවැඩියාව මූලික කොටගනිමින් ආයුර්වේද සහ බටහිර විශේෂඥ වෛද්‍යවරුන් රැසක් මේ සඳහා සහභාගී වන බවයි.  නොමිළේ බෙහත් ලබාදීමද මෙහි සිදු කෙරෙනවා.