Thursday, March 28, 2024

General line - 0115112241

තරුණ සවියෙන් රාජ්‍ය නිළධාරීන්ට මහජන සේවා පියසක්




ජාතික තරුණ සේවා සභාව සංවිධානය කරන  ගමට කෝටියක් වැඩසටහනේ දෙවන අදියරෙහි ඉදිකිරීම් කටයුතු අවසන් කළ තවත් ව්‍යාපෘතියක් ඊයේ (09) දින ජනතා අයිතියට පත් කෙරුණා. 

ඒ ජාතික තරුණ සේවා සභාවේ සභාපති, අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ හා කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දීප් සමරසිංහ යන පිරිසගේ ප්‍රධානත්වයෙන්.

කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් උඩුගම, ගොන්දෑවල ග්‍රාම නිළධාරී වසමේ එක්සත් වීර යෞවන සමාජයේ තරුණ තරුණියන් තම ගම්මානයේ  රාජ්‍ය නිළධාරීන් සඳහා මහජන සේවා පියසක් ඉදිකිරීමට මෙහිදී කටයුතු කර තිබුණා.

මේ සඳහා ජාතික තරුණ සේවා සභාවෙන් ඔවුන්ට රුපියල් එක්ලක්ෂ පනස්දහසක මුදලක් ලබා දී තිබෙන අතර ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත මුදල රුපියල් ලක්‍ෂ 1,500,000.00 ක් වනවා.

"තරුණ පරම්පරාවට මුකුත්ම කරන්න බැහැ කියලා ඒ අයව මනසින් පහතට දානව වෙනුවට ඔවුන්ට අභියෝග භාරදීලා ඒ අභියෝග ජයග්‍රහණය කරන්න අවශ්‍ය මානසික ධෛර්යය ලබාදීමයි ගමට කෝටියක් සංකල්පයේ අරමුණ වන්නේ.

තරු නිර්මාණය කරලා අහසෙ අතරමං කරනවා වෙනුවට ජීවිතයට මුහුණ දිය හැකි චරිත බිහිකරන මෙම වැඩසටහන  තුළින් හෙට දවසේ දී තව තවත් චරිත බිහිවනු ඇති." බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති, අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ මෙහිදී සඳහන් කර සිටියා.
.
එම අවස්ථාවේ  ඡායාරූප කිහිපයක් පහතින්.