Wednesday, April 24, 2024

General line - 0115112241

කවුඩුල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකදී ජනපති මුහුණ දුන් සිදුවීමක් (PHOTOS)




කවුඩුල්ල ප්‍රදේශයේ ගම්මානයක අද (10) දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ධීවර ආම්පන්න හා බෝට්ටු බෙදා දීම උත්සවයක් අතරදී අපුරු සිදුවීමක් සිදුව තිබෙනවා.

මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචි දනුල්‍යා නම් කුඩා දැරියක් තම දෙමව්පියන් සමග මෙම උත්සවයට පැමිණ සිටියා. 

ඇය ජනාධිපතිතුමා දැකීමෙන් ජනාධිපතිතුමා දෙසට දිවගෙන යාමට සැරසුනද ජනාධිපතිතුමාගේ ආරක්ෂකයින් එයට අවස්ථාව ලබාදී නෑ.

මෙම සිද්ධිය දුටු ජනාධිපතිතුමා වහාම ඔහුගේ ආරක්ෂක අංශයට පැවසුවේ ඇයට පැමිණීමට ඉඩ දෙන ලෙසයි.

පසුව ජනාධිපතිතුමාගේ තුරුලට පැමිණි ඇය උත්සවය අවසන් වනතුරම ජනාධිපතිතුමා සමග සිටිය බවටයි වාර්තා වන්නේ.

එම සිදුවීමේ ඡායාරුප කිහිපයක් පහතින්.