Friday, April 19, 2024

General line - 0115112241

'ඉර්මා' අමෙරිකාවට ඇතුළු වී ජන ජීවිතය අවුල් කරයි




අමෙරිකාවේ ෆ්ලෝරීඩා ප‍්‍රාන්තයට ඇතුළු වූ ඉර්මා සුළි කුණාටුව හේතුවෙන් එහි ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

විදුලිබල පහසුකම් නොමැතිව ජීවත් වන සංඛ්‍යාව ලක්ෂ 25කට අධිකයි.

ප‍්‍රාන්තයේ ප‍්‍රධාන නගරයක් වන මියාමි ඇතුළු ස්ථාන රැසක් මේ වනවිටත් ජලයෙන් යටව පවතිනවා.

වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ප‍්‍රාන්තයේ දකුණුදිග කොටසටයි. 

සුළි කුණාටුව ඊයේ (10) ෆ්ලොරීඩාවට ඇතුළු වුයේ පැයට කිලෝ මීටර් 192ක දැඩි සුළං ප‍්‍රවාහයක් ද සමගයි. ඒ අනුව මුහුදේ රළ අඩි 15ක් පමණ උසට තවදුරටත් නැගෙනු ඇති බවට කාලගුණ බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා.

සුළි කුණාටුව ෆ්ලොරීඩාවට ඇතුළු වීමට පෙර එහි ජීවත් වන ලක්ෂ 63කට අධික පුද්ගලයින්ට නිවෙස් අතහැර යන ලෙස දැනුම් දී තිබුණා.

කෙසේ වෙතත් ඉර්මා සුළි කුණාටුව හේතුවෙන් ෆ්ලොරීඩාවේ සිදු වූ ජීවත හෝ දේපල හානි පිළිබඳ මෙතෙක් නිල වාර්තාවක් ලැබී නැහැ.