Friday, April 19, 2024

General line - 0115112241

රාෆායල් නඩාල් යළිත් වරක් ටෙනිස් ඉතිහාසය වෙනස් කරයි




ස්පාඤ්ඤයේ සුපිරි ටෙනිස් ක‍්‍රීඩක රාෆායල් නඩාල් යළිත් වරක් ටෙනිස් ඉතිහාසය වෙනස් කර තිබෙනවා.

ඒ, එකම වසරක් තුළ ප‍්‍රධාන පෙලේ ග‍්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා 02ක් පිට පිට ජයග‍්‍රහණය කරමින්.

එකම වසරක් තුළ ටෙනිස් ශූරතා දෙකක් මෙලෙස දිනාගනු ලැබූවේ 2013 වසරෙන් පසු ප‍්‍රථම වරටයි. ඔහු මෙම දස්කම දක්වා ඇත්තේ ඊයේ (10) පැවති අමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාව දිනා ගනිමින්.

ඉකුක් ජූනි මාසයේ දී රෆායල් නඩාල් ප‍්‍රංශ විවෘත ටෙනිස් ශූරතාව දිනා ගත්තා.

අමෙරිකානු ටෙනිස් කිරුළ ඊයේ දිනා ගැනීමත් සමග ඔහු මේ වනවිට ප‍්‍රධාන පෙලේ ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ටෙනිස් ශූරතා 16ක් දිනාගෙන තිබෙනවා.