Friday, April 26, 2024

General line - 0115112241

අමෙරිකාවට 9/11 ප‍්‍රහාරය සිහිකිරීම අමතක කළ හේතුව




ඇමෙරිකානු ඉතිහාසයට කැළලක් එකතු කළ 9/11 ප‍්‍රහාරයෙන් පසුව ගෙවී ගිය වසර 16ක කාලය තුළ තම ආරක්ෂාව පිළිබඳ ලෝකයට සහතික කිරීමට හැකියාව ලැබුණු බව අමෙරිකාව පවසනවා.

එම ප‍්‍රහාරය සිදුකළ අල්-කයිඩා ත‍්‍රස්තයන් හෝ කිසිඳු විදේශික ත‍්‍රස්ත සංවිධානයකට මේ වනතෙක් අමෙරිකාවට එවැනි දැවැන්ත ප‍්‍රහාරයක් එල්ල කිරීමට හැකියාව ලැබී නැහැ.

2001 සැප්තැම්බර් මාසයේ 11 වැනිදා අල්-කයිඩා ප‍්‍රමුඛ ජිහාඞ් ත‍්‍රස්තවාදීන් ඇමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට හා එරට ආරක්ෂක මූලස්ථානය වූ පෙන්ටගනයට ප‍්‍රහාරයක් එල්ල කර අදට වසර 16ක්.

එල්ල කළ මරාගෙන මැරෙන ප‍්‍රහාරයෙන් 3000කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් 6000ක් පමණ තුවාල ලැබුවා.  

මේ අතර ජිහාඞ් ත‍්‍රස්ත මර්මස්ථාන ඉලක්ක කර ගුවන් ප‍්‍රහාර එල්ල කරමින් සිදුකරන මෙම මෙහෙයුම හේතුවෙන් මේ වනවිට අයි.එස් ත‍්‍රස්තවාදීන් 70,000ක් පමණ ඝාතනය කර ඇති බව ඇමෙරිකානු වාර්තා සඳහන් කරනවා. 

හාවි සහ ඉර්මා ඇතුළු සුළිකුණාටුවලට දිගින් දිගටම මුහුණදීමට ඇමෙරිකාවට සිදුවීම නිසා 9/11 ප‍්‍රහාරය සිහිපත් කිරීම පිළිබඳ අමෙරිකාව මෙවර වැඩි සැළකිල්ලක් දක්වා තිබුණේ නැහැ.