Friday, April 19, 2024

General line - 0115112241

වැලිකතරේ තරගාවලියත් නික් පෝතස්ට හිමිවන හැඩ

කසුන් කැළුම්




පාකිස්තාන කණ්ඩායම සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය සදහා නව පුහුණුකරුවෙකු පත්කර ගැනීමට නොහැකි වුවහොත් එම තරගාවලියේ ද ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස නික් පෝතස් කටයුතු කරනු ඇතැයි වාර්තා වනවා.

ශ්‍රී ලංකා  ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මේ වන විට විදෙස් ගතව ඇති බැවින් ඔහු පැමිණි විගස ඒ පිළිබඳ අවසන් තීරණයක් ගනු ඇති බවයි Neth Sportsmen වෙත වාර්තා වන්නේ.

ඔස්ට්‍රේලියානු ජාතික Deen jones ශ්‍රී ලංකා  කණ්ඩායමේ ප්‍රධානතම පුහුණුකරු ධුරයට යෝජනා කෙරුණ ද ඔහු පිළිබඳව ද මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ.

Deen jones දක්ෂ ක්‍රීඩකයෙකු  වුවත්, පුහුණුකරුවෙකු ලෙස ඔහු කෙතරම් සාර්ථක ද යන්න  ප්‍රශ්නයක් බවයි ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරීන් පවසන්නේ.

පාකිසතානු සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉස්ලාමාබාද් යුනයිටඞ් කණ්ඩායමේ ප්‍රධානතම පුහුණුකරු වශයෙන්ද ඞීන් ජෝන්ස් මේ වන විට කටයුතු කරනවා.