Saturday, April 20, 2024

General line - 0115112241

සංචාරක කර්මාන්තය 26%ක වර්ධනයක්




ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය 2017 වර්ෂයේ මේ දක්වා වු කාල සීමාව තුල 26% න්  කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. ඒ 2016 වර්ෂයට සාපේක්ෂව විශාල වර්ධනයක්. ‍

ශ්‍රී ලංකා හෝටල් සංවර්ධන ආයතනයේ සභාපති ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ කියා සිටියේ මෙම වසර අවසන්වීමට පෙර මෙරට සංචාරක කර්මාන්තය කැපි පෙනෙන අයුරින් තවත් වර්ධනය වනු ඇති බවයි.

2017 වසරේ ගෙවුණු මාස 9 කදී ආදායම වශයෙන් රුපියල් මිලියන 5 ලක්ෂ 12293 ක ලාභයක් උපයා ඇති බව සඳහන්.

මෙම ආදායම 2016 වසරේ දී රුපියල් මිලියන 4 ලක්ෂ 5492යි.

මේ අතර කොළඹ හිල්ටන් හෝටලයේ ද ආදායම 2016 වසරට සාපේක්ෂව බිලියන 2 කින් ඉහළ ගොස් ඇති බව ද වාර්තා වනවා.

එයද පෙර වසරට සපේක්ෂන 24 % ක වර්ධනයක්.