Wednesday, April 17, 2024

General line - 0115112241

වසර 8ක ජාත්‍යන්තර ක්‍රිකට් නියඟයට තිත




පාකිස්තානය තුළ වසර 8ක කාලයක් පැවති ජාත්‍යන්තර ක්‍රිකට් නියඟයට තිත තබමින් ලෝක ක්‍රිකට් කණඩායම සහ පාකිස්තානය අතර විස්සයි විස්ස තරගයක් අද (12) ලාහෝර් නුවරදී පැවැත්වෙනවා.

පාකිස්තානය සහ ලෝක ක්‍රිකට් කණඩායම අතර පන්දුවාර විස්ස තරග 3ක් පැවැත්වීමට නියමිත අතර එම තරග සියල්ලම පැවැත්වෙන්නේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේ දීයි.

පළමු තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 7ට අද (12) ආරම්භ වීමට නියමිතයි.

2009 වසරේ මාර්තු මාසයේ ශ්‍රී ලංකා පිලට ලාහෝර් නුවරදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයන් පසු එරට කෙටි තරගාවලියක් සඳහා එක් වූයේ සිම්බාබ්වේ කණ්ඩායම පමණයි.

පාකිස්තානු ජනාධිපතිවරයාට ලබාදෙන ආරක්ෂාවට නොදෙවෙනි ආරක්ෂාවක් මෙවර ලෝක ක්‍රිකට් කණඩායමට ලබා දීමට එරට ආරක්ෂක අංශ පියවර ගෙන තිඛෙනවා. 

ෆෆ් ඩු ප්ලෙසිස් ලෝක ක්‍රිකට් කණ්ඩායමට නායකත්ව ලබා දෙන අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තිසර පෙරේරාද (10) ඊට සහභාගි වනවා.

ඩේවිඩ් මිලර්, ඉම්රාන් තහීර් යන දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් මෙන්ම ඩැරන් සැමී සහ සැමුවෙල් බද්‍රී  යන කොදෙව් ක්‍රීඩකයින්ද ලෝක ක්‍රිකට් කණඩායමට ඇතුළත්.

තරගය පැවැත්වෙන ලාහෝර් ගඩාෆි ක්‍රීඩාංගණය අවට දැඩි ආරක්ෂාවක් යෙදවීමටද පාකිස්තානු ආරක්ෂක අංශ පියවර ගෙන තිඛෙනවා.

ලෝක ක්‍රිකට් කණඩායම නියෝජනය කරන ක්‍රීඩකයින්ගේ රුව රැගත් පතාක පුවරු ද ලාහෝර් නුවර ප්‍රදර්ශනය කර තිඛෙනවා.

ත්‍රස්ත බියෙන් ඇවිලි තිබුණු පාකිස්තානයට ඔවුන්ගේ පැමිණීම ගෞරවයක් බව සඳහන් කරමින්. 

මේ අතර ඩුබායි හි පැවැත්වෙන කි්‍රකට් තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා කණඩායම ද පාකිස්තානු සමග ලාහෝර් නුවර ගඩාෆී ක්‍රීඩාංගණයේදී පන්දුවාර විස්ස ක්‍රිකට් තරගයකට එක්වීමට නියමිතව තිබෙනවා.