Saturday, April 20, 2024

General line - 0115112241

ෆ්ලෝරිඩා මිලියන හයකට විදුලිය නැහැ




ෆ්ලෝරිඩා ප්‍රාත්නයට මේ වන විට බලපෑම් කරමින් තිබෙන ඉර්මා සුළි කුණාටුව හේතුවෙන් ප්‍රාන්තයේ මිලියන හයකට අධික නිවාස ප්‍රමාණයකට විදුලි නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ වෙතත් විදුලි සැපයුම හැකි ඉක්මණින් යථා තත්ත්වයට පත් කිරීමට ඉංජිනේරුවන් කටයුතු කරමින් සිටින බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.

ඊයේ(11) දිනය වනවිට සුළං තත්ත්වයේ යම් අඩු වීමක් පෙන්නුම් කළද මේ වන විට සුනාමි තත්ත්වයට සමාන ලෙස මුහුද ගොඩබිමට පැමිණෙන බවද ප්‍රාන්ත ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළා.

ඉර්මා සුළි කුණාටුව හේතුවෙන් ෆ්ලෝරීඩා ප්‍රාන්තයෙන් වාර්තා වූ ජීවිත හානි සංඛාව 04ක්. විපතට පත් වූවන් මුදා ගැනිම සහා සහන සේවා තවදුරටත් ක්‍රියාත්මකයි.